‘සීරෝ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය හෙට



‘සීරෝ’ යනු කවුරුත් පුලපුලා බලා සිටින බොලිවුඞ් රජු ෂාරුක් ඛාන්ගේ මීළඟ සුපිරි චිත්‍රපටයයි.

‘සීරෝ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය හෙට (2) ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය. ඒ, හෙට දිනය ෂාරුක්ට සුවිශේෂී දිනයක් වන බැවිනි. හෙට ෂාරුක්ගේ උපන් දිනයයි.

‘සීරෝ’ චිත්‍රපටයේ ෂාරුක් ඛාන්ගේ පෙම්වතිය වන්නේ කත්‍රිනා කයිෆ්ය. ෂාරුක් චිත්‍රපටයේ චරිත නිරූපණය කරන්නේ උසින් අඩු කුරුමිටි චරිතයකටය. ඒ, පරිගණක විශේෂ ප්‍රයෝග යොදා ගනිමිනි.

ෂාරුක් සහ කත්‍රිනා කයිෆ්ගේ චිත්‍රපටයේ දසුන් කිහිපයක් රැගත් ඡායාරූප පෙළක් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS