‘සාහෝ’ සාර්ථකයි



‘බාහුබලී’ තෙළිගු චිත්‍රපට හරහා ජනප්‍රිය වූ තෙළිගු නළු සහෝගෝ නවතම ක්‍රියාදාම චිත්‍රපටය ‘සාහෝ’ පසුගිය අගෝස්තු 30 වැනිදා ඉන්දියාවේත් ලොව පුරාත් සාර්ථකව තිරගතවීම් ආරම්භ කළේය.

පැය 3 කට වැඩි කාලයක් පුරා දිවෙන ‘සාහෝ’ පළමු දිනයේ ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 73 කි. චිත්‍රපටය නිපදවීමට වැයවුණු මුදල ඉන්දීය කෝටි 290 කි. ඉදිරි දින කීපයේදී එම මුදල පහසුවෙන් පසු කිරීමට හැකිවනු ඇතැයි චිත්‍රපටයේ නිෂ්පාදකවරු කියති.

තෙළිගු චිත්‍රපටයක් වන ‘සාහෝ’, හින්දි, දෙමළ මලයාලම් බසින් ඉන්දියාව පුරාත් ලෝකය පුරාත් තිරගත වෙයි.

‘සාහෝ’ චිත්‍රපටයේ වීරයා ප්‍රභාස්, පොලිස් නිලධාරියකුගේ චරිතයට පණ පොවයි. ඔහුගේ පෙම්වතිය ලෙස චරිත නිරූපණය කරන්නේ බොලිවුඞ් සුරූපිනී ශ්‍රද්ධා කපූර්ය.

(ඉන්දීය පුවත් සේවා)

 


RECOMMEND POSTS