‘බහුබාලි 2’ 28 වැනිදා සිට තිරයේ



ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳහෙළමින් තිරගතවූ බහුබාලී චිත්‍රපටයේ දෙවැන්න මෙන්ම අවසන් කොටස ද වන ‘බහුබලී 2 ‐ ද කන්ක්ලූෂන්’ දෙමල සහ හින්දි බසින් ලබන 28 වැනිදා සිට තිරගත වෙයි.

තෙළිගු සිනමාවේ සහ දමිළ සිනමාවේ සුපිරි තාරකාවන් වන ප්‍රබාස් - ෂිවුදු ලෙසින්ද , රානා ඩග්ගුබාති ‐ බල්ලාලා දේවා ලෙසින්, අනුෂ්කා ෂෙට්ටි -මහාරානි දේවාසේනා ලෙසින්ද  , තමන්නා‐අවන්තිකා ලෙසින්ද  , සත්‍යරාජ් ‐ කටප්පා ලෙසින්ද සහ රම්‍යා ක්‍රිෂ්ණන් ‐ ෂිවගාමී ලෙසින් රංගනයෙන් එක්වන මෙම අති දැවැන්ත සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂණය එස්.එස්.රාජ්මෝලි  විසිනි.

අති සුපිරි තාක්ෂණයෙන් නිර්මාණය කෙරී ඇති බහුබලී‐2 චිත්‍රපටය ඉන්දීය රුපියල් බිලියන 2.5කට අධික පිරිවැය දරමින් නිපදවා ඇති අතර එය  ඉන්දියාව මූලික කර ගත් මිත්‍යා කතාවක් හා සටන්කාමී ලෙසින් නිර්මාණය කෙරුණු වෘත්තාන්ත චිත්‍රපටයක් වේ.

මෙහි ප්‍රධාන නළුවන් ලෙස රංගන එක්වන තෙළිඟු සිනමාවේ ප්‍රබාස් සහ රානා ඩග්ගුබාති ගේ පමණක් බර කිලෝ 150 ක් දක්වා වර්ධනය කර ගැනීම විශේෂත්වයකි.මෙලෙෂ බර වැඩි කර ගැනීම සිදුව ඇත්තේ එම චිත්‍රපයේ රූගත කිරීම් වලදී ඔවුන් දෙපළට අධික බරැති ඇඳුම් පැළඳුම් පැළඳ සටන් ජවනිකා වලට පෙනී සිටි නිසාවෙනි.

බහුබාලී චිත්‍රපටයේ දෙවැන්න ලෙසින්  “ බහුබලී 2 ‐ ද කන්ක්ලූෂන් ” චිත්‍රපටය ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆීෂ් වාර්තා යළිත් බිඳ හෙළන චිත්‍රපටයක් වනු ඇතැයි සිනමා විචාරකයෝ පවසති.

(තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS