‘පද්මාවත්’ පැරැදූ ‘බාගී 2’



බොලිවුඞ් සටන් නළු ටයිගර් ෂෙරොෆ් ප්‍රධාන චරිත නිරූපණය කරන නවතම ක්‍රියාදාම චිත්‍රපටය ‘බාගී 2’ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලමින් තිරගත වන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය කාලයේ පළමු දිනයේම වාර්තා බිඳ දැමීමට සමත් වූ චිත්‍රපටය ලෙස සැළකෙන්නේ සන්ජේ ලීලා බන්සාලිගේ ආන්දෝලනාත්මක ‘පද්මාවත්’ චිත්‍රපටයයි. ‘පද්මාවත්’ පළමු දිනයේ ලැබූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 19 කි. කෙසේ නමුත් ‘බාගී 2’ ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 25 කි.

‘බාගී 2’ යනු අහ්මද් ඛාන් අධ්‍යක්ෂණය කළ සටන් පිරි ක්‍රියාදාම චිත්‍රපටයකි. එය ඉන්දීය සිනමා විචාරකයන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට සමත් වී නැති නමුත්, ඉන්දීය සිනමාලෝලීන් අතරේ අතිශය ජනප්‍රිය වී ඇත.

‘බාගී 1’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූයේ ශ්‍රද්ධා කපූර් වන අතර මෙම චිත්‍රපටයට ද ඇය රංගනයෙන් දායක වෙයි. කෙසේ නමුත් ‘බාගී 2’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන්නේ දීෂා පටානීය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS