‘තග්ස් ඔෆ් හින්දුස්තානි’



ඉන්දීය රුපියල් කෝටි 300ක් වියදම් කරමින් සුපිරි නළු අමිතාබ් බච්චන්, අමීර් ඛාන් ගේ රංගනයෙන් තැනුණ විජය කිෂ්ණන් ආචාරියාගේ ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් 08 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කිරීමට නියමිතය.

1790 වසරේ සිට 1805 අතර බිතාන්‍ය යටත්විජිත යුග⁣යේදී ඉන්දියාවේ සිදුවු වීර කතාවක් පදනම් කරගෙන නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත කිහිපයක් තිබේ.

අමිතාබ් බච්චන් ‘අසාඩ්’ ලෙස චරිත මවන අතර, අමිර් ඛාන් ‘ෆිරාන්ගී’ ලෙස රංගනයේ යෙදේ. බොලිවුඩ් නවක නිළීයක වන ෆාතිමා සානා ⁣ෂෙයික්  ‘සෆිරා’ ලෙසත් රංගනයෙන් දායක වෙයි. සුපිරි නිළි කත්‍රිනා කයිෆ් නාට්‍යාංගනාවියක් ලෙස රංගනයේ යෙදේ.

සිනමා විචාරකයන් පවසන්නේ අමිර් ඛාන් මෙවර සිනමා සම්මාන උළෙලයන්වල හොඳම නළුවා වන්නට මෙම චරිතය හරහා අවස්ථාව උදා කරගනු ඇති බවය.එසේම මෙය බොලිවුඩ් බොක්ස් ඔෆීස් වාර්තා බිද හෙලනු ඇතැයි පැවසේ.

( තිළිණි ද සිල්වා )

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS