‘ජී7’ කැලඹූ ඡායාරූපය



ප්‍රංශයේ බ්‍රියාරිට්ස් වෙරළාශ්‍රිත නගරයේ ‘ජී7’ රාජය නායක සමුළුවට රාජ්‍ය නායකයන් පමණක් නොව, ඔවුන්ගේ බිරියෝ ද සහභාගී වූහ.

සැවොම එක් වී සමූහ ඡායාරූපයට මුහුණ දෙද්දී, සිදුවුණු සිදුවීමක් මේ වනවිට සමාජ ජාල ඔස්සේ වඩාත් කතාබහට ලක් වී ඇත.

එම සිදුවීම නම්, ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුහුණ එල්ලා ගනිමින්, ඔරවාගෙන සිටිද්දී, බිරිඳ මෙලානියා ට්‍රම්ප් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝට හාදුවක් දීමට තැත් කරන අයුරුය.

මීට පෙර ද ට්‍රම්ප් බිරිද මෙලානියා පමණක් නොව, ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා ද කැනඩා අගමැති ටෘඩෝට සමීප වී සිටින ඡායාරූප මීට පෙර ද සමාජ ජාල ඔස්සේ කතාබහට ලක් වී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS