‘ජබාරියා ජෝඩි’ දැන් තිරගත වෙයි



සැබෑ ජීවිතයේ ද පෙම්වතුන් වන බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි යුවල පර්නීති චොප්රා සහ සිද්ධාර්ත් මල්හොත්‍රා ප්‍රධාන චරිත නිරූපණය කරන ආදරයත් ප්‍රහසනයත් පිරි ‘ජපාරියා ජෝඩි’ මේ වනවිට සාර්ථක ගමනක් ආරම්භ කර ඇති බව බොලිවුඩයෙන් වාර්තා වේ.

චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රශාන්ත් සිං ය. චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ පසුගිය අගෝස්තු දෙවැනිදා ය. ‘ආර්යා’ චිත්‍රපටයෙන් පසු සිද්ධාර්ත් රසික රසිකාවියන් හමුවට පැමිණෙන පළමු චිත්‍රපටය මෙයයි. ‘ආර්යා’ පසුගිය වසරේ තිරගත විය. පර්නීතිගේ අවසන් චිත්‍රපටය වූයේ ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කළ ‘කේසාරි’ ය.

රසික රසිකාවියන්ගේ ආදරය දිනූවත් බොලිවුඞ් සිනමා විචාරකයන්ගේ පැසැසුමට ‘ජබාරියා ජෝඩි’ චිත්‍රපටය ලක් වී නොමැති බව පැවැසෙයි. ඊට හේතුව එය කිසිදු හරයක් නැති තවත් එක් බොලිවුඞ් චිත්‍රපටයක් වීම යැයි ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවියේ දැක්වෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS