‘ගේම් ඔෆ් ත්‍රෝන්’ මුද්දර එකතුවක්



ලොව අතිශය ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ රූපවාහිනී ටෙලි කථා මාලාව ඇසුරින් මුද්දර පෙළක් නිකුත් කිරීමට එක්සත් රාජධානියේ රාජකීය මුද්දර කාර්යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව, රූපවාහිනී කතා මාලාවක් පාදක කර ගනිමින් මුද්දර එකතුවක් එළි දැක්වුණු පළමු අවස්ථාව මෙයයි.

සම්මාන රැසකට පාදක වුණු ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ ඇමෙරිකාවේ ‘එච්.බී.ඕ’ නාළිකාවේ නිෂ්පාදනයකි. එක්සත් රාධානියේ නළු නිළි කැළක් චිත්‍රපටයට දායක වෙති.

කතා මාලාවට එක්සත් රාජධානියෙන් ලැබුණු දොයකත්වය සුවිශේෂී එකක් යැයි පෙන්වා දෙමින් මුද්දර එළිදැක්වීමට කටයුතු කළ බව එක්සත් රාජධානියේ රාජකීය මුද්දර කාර්යාංශය මුද්දර එළිදක්වමින් පවසා ඇත.

(ඬේලිමේල්)


RECOMMEND POSTS