‘එයාර්වුල්ෆ්’ වීරයා සමුගනී



80 දශකයේ අතිශය ජනපි‍්‍රය ටෙලි කතා මාලාවක් වූයේ සුපිරි හෙලිකොප්ටරයක හපන්කම් රැගත් ‘එයාර් වුල්ෆ්’ ය. එයාර් වුල්ෆ් හෙලිකොප්ටරය පියාසර කළ නියමුවා ස්ටි‍්‍රංෆෙලෝ හෝක්ගේ චරිතය නිරූපණය කළේ ඇමෙරිකන් නළු ජැන් මයිකල් වින්සන්ට්ය. විදෙස් පුවත් වාර්තා කළේ ජැන් මයිකල් වින්සන්ට් මෙලොවින් සමුගෙන ඇති බවය.

මියයනවිට ඔහු 74 හැවිරිදි වියෙහි පසුවිය. මියයනවිට ජැන් මයිකල් වින්සන්ට් උතුරු කැරොලිනා රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි බව ද පැවැසෙයි. ජැන් මයිකල් වින්සන්ට් තෙවරක් විවාහ වූ අයෙකි.

එයාර් වුල්ෆ් හරහා ජනපි‍්‍රය වුවත්, ජැන් මයිකල් වින්සන්ට් චිත‍්‍රපට කීපයකට ද රංගනයෙන් එක් වී ඇත.

1971 වසරේ ගොයින් හෝම් චිත‍්‍රපටය වෙනුවෙන් ද 1984 දී වින්ඞ්ස් ඔෆ් වෝර් ටෙලි කතා මාලාව වෙනුවෙන් ද හොඳම රංගනය සඳහා ජැන් මයිකල් වින්සන්ට්ගේ නම යෝජනා වී තිබේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS