හොලිවුඩයේ ජනප්‍රිය බොලිවුඩ් තරුව !



බොලීවුඩයේ මෙන්ම හොලිවුඩයේද ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් සරාගී නිලි ප්‍රියංකා චොප්රා පසුගියදා සුපිරි හොළිවුඩ් නිලියන් දෙදෙනෙක් වන ඒඩ්‍රියානා ලිමා සහ ඇලෙක්සැන්ඩ්‍රා සමඟින් මියාමි මුහුදු වෙරළට ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් ලබාගත් ඡායාරූප අතරින් ලීමාටත් වඩා සරාගී බවක් ප්‍රියංකා චොප්රාගේ ඇති බවයි ඇයගේ ප්‍රේක්ෂකයින් පවසන්නේ.
එම චාරිකාවට ඇය ප්‍රථම වරට හොලිවුඩයේදී රංගනයෙන් දායකත්වය දක්වන ‘‘බේ වොච් ‘‘ චිත්‍රපටයේ පිරිසක්ද ගිය බව වාර්තාවෙනවා.

එසේම ප්‍රියංකා A Kid Like Jake නමැති තවත් හොලිවුඩ් චිත්‍රපටයකට අත්සන් තබා ඇති බවද බොලිවුඩයෙන් වාර්තා වේ.කෙසේ වෙතත් මේ ගැන කිසිවක් ප්‍රියංකා විසින් හෙළි කර නැහැ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS