හොඳම නළුවා වේදිකාවෙන් වැටිලා



ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ‘බොහිමියන් රැප්සොඩි’ චිත්‍රපටය වෙනුවෙන් අපූරු රංගනයක යෙදුණු 37 හැවිරිදි රාමී මලෙක්ය.

ඔස්කාර් සම්මාන උළෙල සුපුරුදු පරිදි පැවැත්වූයේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදීය. සම්මානය හිමි කර ගැනීමෙන් පසු වේදිකාවෙන් බැස යද්දී, රාමී මලෙක් අකරතැබ්බකට මුහුණ දුන්නේය. ඒ, ඔහු වේදිකාවෙන් ඇද වැටීම නිසාය.

බරපතල ලෙස අනතුරක් නොවුණත් වෛද්‍ය ආධාරකරුවන් පැමිණ රාමී මලෙක් පරීක්ෂා කළේ යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS