හිංසනයට එරෙහිව හොලිවුඩය වීදී බසී



සිනමා කර්මාන්තයේ කටයුතු කිරීමේදී කාන්තාවන් හට මුහුණ පෑමට සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව ක්‍රියා කිරීම සදහා වන ව්‍යාපෘතියක්  හොලිවුඩ් රංගන ශිල්පිනියන් ඇතුළු ක්ෂේත්‍රයේ 300 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එළි දක්වා තිබේ.

රංගන ශිල්පිනියන්ට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂවරු සහ පිටපත් රචකයින් ඒ සඳහා සහය පල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ව්‍යාපෘතිය සඳහා සහය පල කරන ලෙස දන්වමින් ඔවුන් විසින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මඟින් ප්‍රචාරය සිදු කර තිබේ.

මේ වන විට එම ව්‍යාපෘතිය සඳහා ඔස්කා සම්මානලාභී නැටලි පොර්ට්මන්, එමා ස්ටෝන් සහ කේට් බැල්න්චෙට් සහය පල කර ඇති බවද සඳහන්ය. මෙම ව්‍යාපෘතිය හරහා ලිංගික හිංසනයන්ට ලක්වූ ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයට ආධාර ලබාදීම සිදු කිරීමට නියමිතය.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS