හැසල්හොෆ්ට මංගල සීනු



80 දශකයේ ජනප්‍රිය ‘නයිට්රයිඩර්’ කතා මාලාව හරහාත්, පසුව 90 දශකයේ ‘බේ වොච්’ කතා මාලාව හරහාත් අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත් වුණු ඬේවිඞ් හැසල්හොෆ් තෙවැනි වතාවටත් විවාහ වී ඇතැයි පැවැසෙයි.

66 හැවිරිදි හැසල්හොෆ් විවාහ වී ඇත්තේ 68 හැවිරිදි හේලි රොබර්ට්ස් සමඟය.

දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ඉතාලියේ රෝමයේදී පැවැත්විණි. මොවුන් දෙදෙනා විවාහ ගිවිසගත් බව වාර්තා වූයේ පසුගිය 2016 වසරේය.

දෙදෙනා පළමු වරට හමුවී ඇත්තේ ‘බ්‍රිටන්ස් ගොට් ලැටන්ට්’ රියැලටි වැඩසටහන හරහාය.

හැසල්හොෆ්ගේ දෙවැනි බිරිඳ පැමලා බාච් වන අතර, එම විවාහයෙන් ඔහුට දියණියන් දෙදෙනෙකි.

(ෆොක්ස් නිවුස් ඇසුරිනි)


RECOMMEND POSTS