හැරී මේගන් ෆේ‍්‍රසර් දූපතේ



ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක නියැලී සිටින බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකෙල් ෆේ‍්‍රසර් දූපත බලා පිටත්ව ගියහ.

ෆේ‍්‍රසර් යනු  ඕස්ටේ‍්‍රලියාවට අයත් කුඩා දූපතකි. මෙය පිහිටා ඇත්තේ නැගනෙහිර ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්තයට ඔබ්බෙනි. මෙය ලොව විශාලතම වැලි දූපත ලෙස සැලකෙයි. කිලෝ මීටර් 120 ක් පුරා දූපත පැතිරී ඇත. මෙම දූපත සංචාරක ආකර්ශනයකි. දූපත්වාසීන්ගෙන් හැරී කුමරුන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

හැරී කුමරු සහ සසෙක්ස් ආදිපාදවරිය හෙවත් මේගන් මාකෙල්  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර බලා පැමිණියේ පසුගිය 15 වැනිදාය. ආබාධිත රණවිරුවන් සහභාගී වන ‘ඉන්වික්ටස් ජාත්‍යන්තර කී‍්‍රඩා උලෙළ’ ඉකුත් 20 දා සිඞ්නි නුවරදී ආරම්භ විය. ඒ හැරී කුමරුන්ගේ ප‍්‍රධානත්වයෙනි.

මෙම සුවිශේෂී කී‍්‍රඩා උලෙළ ආරම්භ කිරීමෙහිලා පුරෝගාමියකු වන්නේ හැරී කුමරුය. හැරී කුමරු ද බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවේ සොල්දාදුවෙකුව සිට ඇත. හැරී කුමරු බිරිඳ, මේගන් ද සමඟ සිඞ්නි නුවරට පැමිණියේ, ‘ඉන්වික්ටස් කී‍්‍රඩා උලෙළ’ වෙනුවෙනි.

මේගන් මාකෙල් හෙවත් සසෙක්ස්හි ආදිපාදවරිය ගැබිනියකි. තමන් ගැබිනියක බව මේගන් මාකෙල් නිල වශයෙන් ලොවට නිවේදනය කළේ පසුගිය දා  ඕස්ටේ‍්‍රලියායට පැමිණි අවස්ථාවේදීය.

මෙම  ඕස්ටේ‍්‍රලියා සංචාරය අවසන් කිරීමෙන් පසු, හැරී සහ මේගන් යුවල අසල්වැසි නවසීලන්තයේත්, ටොංගා සහ ෆීජී යන දූපත් රාජ්‍යයේත් සංචාරය කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.

ඩේලිමේල්


RECOMMEND POSTS