හැරී-මේගන් මධුසමය කල්යයි



රාජකීය කටයුතු කිහිපයක් හේතුවෙන් මධු සමය දින කිහිපයක් කල් දැමීමට සසෙක්ස් ආදිපාද හැරී කුමරු සහ සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාර්කෙල් තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා අනාවරණය කළේය.

මධු සමය කල් දැමීමට හේතුවක් වී ඇත්තේ, හැරී කුමරුන්ගේ පියා වේල්සයේ චාල්ස් කුමරුන්ගේ සංඛේතාත්මක ජන්ම දිනය  හෙටට (22)  යෙදී ඇති බැවින් යැයි ද පැවැසෙයි. චාල්ස් කුමරුන්ගේ ජන්ම දිනය යෙදී ඇත්තේ නොවැම්බරයේ වුවත්, එය කල් ඇතිව සැමරීම සිදු කෙරෙයි.

මෙම සැමැරුම බකිංහැම් මාලිගයේ ගෙවත්තේ පැවැත්වෙන අතර, දෙවැනි එලිසබත් මහ රැජින ඇතුළු සියලුම රාජකීයයෝ ඊට සහභාගී වෙති. පියාගේ ජන්ම දිනයට තමන් සිටිය යුතු බව හැරී කුමරු මාධ්‍ය හමුවේ පවසා ඇත.

33 හැවිරිදි හැරී කුමරු සහ 36 හැවිරිදි ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවයහ පැවැත්වූයේ පසුගිය සෙනසුරාදා (19) ය.

(රොයිටර්)


RECOMMEND POSTS