හැරී-මේගන් ටොංගා දූපතේ



ඕස්ටේ‍්‍රලියාවේත්, ෆීජි දූපත් රාජ්‍යයේත් සංචාරය අවසන් කරමින් බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය ටොන්ගා දූපත් රාජ්‍යය බලා පැමිණියහ.

ෆීජි සහ ටොන්ගා එක ළඟ පිහිටි දූපත් රාජ්‍යයන්ය. ෆීජී දූපතේ සිට ටොන්ගා බලා ගුවන් ගමනට හැරී සහ මේගන්ට ගත වූයේ මිනිත්තු 90 ක් යැයි පැවැසෙයි. ටොන්ගා රාජ්‍යයට පැමිණි හැරී සහ මේගන් පිළිගනු ලැබුවේ ටොන්ගා කුමරිය ඇන්ජෙලිකා ලැටුෆුල්පෙකා විසිනි.

ටොන්ගා කුමරියගෙන් පමණක් නොව ටොන්ගා වැසියන්ගෙන් ද හැරී සහ මේගන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ටොන්ගා බලා පැමිණෙද්දී මේගන් සැරැුසී සිිටියේ රතු පැහැති අලූත් ගවුමකිනි.

ගවුමේ සන්නාමය සහ මිල සඳහන් ලේබලය ගලවා ඉවත් කිරීමට මේගන්ට අමතක වී තිබුණි. ඇය හැරී කුමරුන්ගේ අත අල්ලා ගෙන, රතු පලස මතින් ගමන් කරද්දී කැමරාකරුවන්ගේ වැඩි අවදානය යොමු වූයේ එම ලේබලය කෙරෙහි යැයි බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.

හැරී සහ මේගන්ගේ පළමු විදෙස් සංචාරය මෙයයි. දෙදෙනා පළමුවෙන්ම පැමිණියේ  ඕස්ටේ‍්‍රලියාවටය. ෆීජී ¥පත් රාජ්‍යය බලා යුවල පැමිණියේ පසුගිය සදුදා (22) ය. තමා ගැබිනියක බව මේගන් ප‍්‍රසිද්ධියට පත් කළේ  ඕස්ටේ‍්‍රලියාවට පැමිණි අවස්ථාවේදීය.

ෆීජී සංචාරයේදී, වීදි සුප‍්‍රසිද්ධ සූවා වෙළෙඳ පොළේ සංචාරය කරද්දී, මේගන් ට අකරතැබ්බක් සිදුවිය. ඒ, ෆීජි වැසියන් පිරිසක් මේගන් වට කර ගැනීමට උත්සාහ කළ නිසාය. සිදුවුණේ කුමක්දැයි හැරී කුමරු, ඇගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් කළ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS