හැරී-මේගන් එද්දී පොඞ්ඩෙක් වැටිලා නිදි



ටොංගා දූපත් රාජ්‍යයේ සංචාරයක යෙදෙන බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ සකෙස්ක් ආදිපාදවරිය හෙවත් මේගන් මාකෙල් ටොංගා අගමැති අකිලීසි පොහිවාගේ ආරාධනාව පරිදි අගමැති මන්දිරයට පැමිණියහ.

එහිදී හැරී සහ මේගන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ටොංගා වැසියන් බොහෝ දෙනෙක් සහ පාසල් සිසු දරුරියෝ රැුසක් රතු සුදු පැහැති ටොංගා ජාතික ධජ අතැතිව, රතු ඇඳුමින් සැරැසී හැරී සහ මේගන් යුවළ පිළිගැනීමට මහත් උනන්දුවෙන් බලා සිටියහ.

කෙසේ නමුත් හැරී සහ මේගන් අගමැති නිල නිවසට පැමිණෙද්දී, එක් පොඞ්ඩකු රාජකීය යුවළ වෙනුවෙන් වෙන් කර තිබුණු මාර්ගයේ වැටී නිදා සිටියේය. එය හැරී සහ මේගන්ගේ පමණක් නොව එහි සිටි පිරිසට සිනහා ගන්වන හේතුවක් විය.

රාජකීය යුවළ පැමිණෙද්දී හටගත් කසුකුසුව සමඟ පොඞ්ඩා අවදි විය. හැරී කුමරු සහ මේගන් ඔහු අසලට ගොස් පවත් වී ඔහු හුරතල් කළ බව මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS