සෞදි සිත්තරාවි



සෞදි කාන්තාවක් වන හේලා අල්-මුහායිස්නිට අත් දෙකම අහිමිව මෙලොව එළිය දැකීමට සිදු වු අතර ආබාධිත තත්ත්වයට අභියෝග කරමින් ජීවිතය ජයගැනීමට සමත්ව ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විසි හැවිරිදි දිරිය කාන්තාව දෙපා භාවිතා කරමින් ඉතා අංලකාරවත් මෙන්ම සිත් වසඟයට පත් වන ආකාරයෙන් චිත්‍ර අඳින අතර 200කට වැඩි  චිත්‍ර ප්‍රමාණයක් මේ වනවිට ඇඳ ඇති බව වාර්තා වේ.

“මම හිතන්නේ, හොරෙක් මගේ අත් දෙක හොරකම් කළා කියලා’’ යනුවෙන් අල්-අබායා රූපවාහිනි නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීහේලා අල්-මුහායිස්නි ප්‍රකාශ කර ඇත.

වර්ණ මිශ්‍ර කිරීමට, අන්තර්ජාලයේ මිතුරන් සමඟ චැට් කිරීමට, රසවත් ආහාර පිළියෙල කිරීමට. පිඟන් සේදීම සහ ඇගේ දෛනික වැඩ කටයුතු සඳහා දෙපා යොදා ගනියි.

විශේෂ අවශ්‍යතා සහිත කලාකරුවන්ට කලාගාරයක් නිර්මාණය කිරීමට ඇය අපේක්ෂා කරන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS