සෝනම් කපූර්ට සුබ මංගලම්



බොලිවුඩයේ සුරූපි හා ජනප්‍රිය නිළියක්වන සෝනම් කපූර් අද (08) දින විවාහවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රවීණ නළු අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් විවාහ වන්නේ ව්‍යාපාරිකයෙකුවන ආන්නද් අහූජා නම් පුද්ගලයෙකු සමඟයි. මුම්බායි පිහිටි අනිල් කපූර්ගේ නිවස මේ වනවිට විටත් විදුළි ආලෝකයෙන් සරසා ඇති ආකාරයේ ඡායාරූප ද අන්තර්ජාලයට එක්ව ඇත.

මොවුන්ගේ විවාහ උත්සවයේ කාගේත් ප්‍රශංසාවට ලක්වන්න කාරණාවක් වී ඇත්තේ ඔවුන්ගේ විවාහ ඇරයුම් පත අනෙකුත් විවාහ උත්සවවලට වඩා හාත්පසින්ම වෙනස් වීමයි. ඔවුන් දෙදෙනාම පරිසරයට ඉතාමත් ආදරයක් දක්වන නිසා විවාහ ඇරයුම් පත් සඳහා කඩදාසි යොදා නොගැනීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට නිර්මාණශීලි ලෙස නිර්මාණය කරනූ ලැබු විද්‍යුත් ඇරයුම් පත් ඔවුන්ගේ ජංගම දුරකථන හරහා නැදෑ හිතමිතුරන්ට යැවීමද විශේෂත්වයකි.

ඒ වෙනුවෙන් සකසා ඇති ඔවුන්ගේ විවාහ  ආරාධනපත්‍ර  "ස්වභාව ධර්මය" නම් තේමාවට නිර්මාණය කර ඇත.

එම විවාහයේ මෙහෙන්දි උත්සවය ඊයේ (7) දින පැවැත්වූ අතර   විවාහ උත්සවය පන්ජාබ්  සම්ප්‍රදායට පවත්වා තිබේ.
මංගල සීනු මැද නව දිවියක් අරඹන්නට සූදානම් වන සෝනම් සහ ආනන්ද් ගේ පෙම් කතාව දිග හැරෙන්නේ සෑහෙන කාලයක් තිස්සේ. ආනන්ද් අහුජා ව්‍යාපාරිකයෙක්.

ආනන්ද් - සෝනම් විවාහ මංගල උත්සවයේ කටයුතු සංවිධානය කරන අතරතුරදී ඊට සහභාගි වන අයට ඇරයුම් කිරීමේ කටයුතු පෞද්ගලිකව සොයා බලන්නේ සෝනම් ගේ තාත්තා අනිල් කපූර්  විසිනි.

(තිළිණි ද සිල්වා)
ඩෙකෑන් ක්‍රොනිකල් ඇසුරෙනි.


RECOMMEND POSTS