සෙලීනා ගෝමස්ට සැත්කමක්



බටහිර ජනප්‍රිය පොප් ගායිකා සෙලීනා ගෝමේස් කාටත් හොරා වකුගඩු සැත්කමකට ලක් වුණු බවත්, ඇයට වකුගඩුවක් පරිත්‍යාග කර ඇත්තේ ඇගේ හොඳම යෙහෙළිය බවත් මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

25 හැවිරිදි සලීනා ගෝමස් ‘ලූපස්’ නමැති චර්ම රෝගයෙන් පෙළෙයි. ඇගේ එක් වකුගඩුවක් අක්‍රිය වී ඇත්තේ එම රෝගය හේතුවෙන් යැයි වෛද්‍යවරු කියති.

සලීනාට තම වකුගඩුව පරිත්‍යාග කර ඇත්තේ ෆ්‍රැන්සියා රයිසා නමැත්තියයි. සලීනා ඇගේ මෙම යෙහෙළිය හඳුන්වා දී ඇත්තේ ‘ඇය මගේ සොහොයුරිය’ කියාය.

‘ඔයා මං වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කළා. මං ඔයාට සදා ණයයි’ යැයි සලීනා ඉන්ට්‍රග්‍රෑම් ඡායාරූපයක් පළ කරමින් පවසා ඇත. ඡායාරූපයේ දැක්වෙන්නේ සෙලීනා සැත්කමින් පසු, රෝහලේදී ඇගේ හොඳම යෙහෙළියගේ අත අල්ලා ගෙන සිටින අයුරුය.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS