සෙරීනාට දුවක්



පිට පිට සම්මාන ලැබූ ලෝක ටෙනිස් කීඩා ශූරිය සෙරීනා විලියම්ස් තවත් ජීවිතයේ සුවිශේෂී සම්මානයක් හිමි කරගනිමින් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා රෝහලක දී දියණියක බිහි කරමින් පළමු වරට මවක් බවට පත් වූවාය.

රෙඩිට් (Reddi) වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයා වන ඇලෙක්සිස් ඔහානියන් ගේ සහකාරිය වන සෙරීනා විලියම්ස් ටෙනිස් මහා තරඟ විසි තුනක් ජයග්‍රහණය කරමින් ලෝක වාර්තාවක් තැබූ ක්‍රීඩිකාවක් වන්නීය.

ගර්භනීව සිටිය දී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගත් සෙරීනා ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු තරඟාවලියට සූදානම් වෙමින් සිටින බව පසුගිය අගෝස්තු මාසයේ ප්‍රකාශ කළාය.

ටෙනිස් ක්‍රීඩා පිටියේ අනභිභවනීය වාර්තා රැසකට හිමිකම් කියන සෙරීනා මව් පදවිය ලැබීම වෙනුවෙන් ලොව පුරා ඇයගේ සහෘදයන්ගෙන් පිරිනැමෙන ශුභ පැතුම් සමාජ මාධ්‍ය ජලය ඔස්සේ සැරිසරමින් පවතී

ස්පාඤ්ඤ ජාතික ලෝක ටෙනිස් ශූරයා වන රෆා නඩාල් පළමුවෙන්ම එලෙස ශුභ පැතුම් පළ කළ පිරිසට ඇතුළත් වෙයි.

සිය නැගණිය මවක් වීමේ පුවත ඇයගේ වැඩිමහල් සොයුරිය, වීනස් ට අසන්නට ලැබුණේ ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟ මාලාවේ තරඟයක් සඳහා සහභාගී වීමට ඇය සූදානම්ව සිටියදීය.සෙරීනා ලෝකයේ මුල්පෙළේ සෙසු ටෙනිස් ක්‍රීඩිකාවන්ට මෙන්ම වීනස් විලියම්ස්ට ද අභියෝගයකි. 'එම පුවත මගින් තමා වචනයෙන් කිව නොහැකි තරම් අහ්ලාදයට පත් වූ බව' වීනස් විලියම්ස් සඳහන් කළාය.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS