සුෂාන්ගේ වෙනුවෙන් මෝදි සොව පළ කරයි



බොලිවුඞ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සොව පළ කර තිබේ. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.

‘සුෂාන්ත් සිං රාජ්පුත් තරුණ දක්ෂ රූපවාහිනී සහ සිනමා නළුවෙක්. ඔහු අකාලයේ සමුගත්තා. ඔහුගේ මරණය දැන ගනිද්දී මා කම්පනයට පත්වුණා. ඔහුගේ පවුලේ අයටත්, ඔහුගේ රසික රසිකාවියන්ටත් මා කනගාටුව පළ කරනවා’ යැයි අගමැති මෝදිගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වී තිබේ.

34 හැවිරිදි වියෙහි පසුවුණු සුෂාන්ත් සිං රාජ්පුත් මුම්බායි නුවර සිය නිවසේ දී ගෙල වැළලාගෙන මියගියේ යැයි වාර්තා වූයේ  (15) ය. රංගන කටයුතුවලදී සුෂාන්ත්ගේ කළමණාකාරිනිය ලෙස කටයුතු කළේ දීෂා සාලියන් ය. මීට දින කීපයකට පෙර ඇය ද දිවි නසා ගත් බවට පුවත් වාර්තා විය.

ඒ අනුව, සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සහ දීෂා සාලියන්ගේ මරණය අතරේ සම්බන්ධයක් ඇතැයි අනුමාන කරමින් පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS