සුෂ්මිතාට විවාහ වෙන්න හිතිලා



මේ වන විට තාවකාලිකව බොලිවුඩ් සිනමාවෙන් ඈත් වී සිටින ජනප්‍රිය බොලිවුඩ්  නිළියක් වන සුෂ්මිතා සෙන් සිය විවාහය මේ දිනවල සැලසුම් කරමින් සිටින බව සඳහන් වේ.

රේමන් ෂාවල් නම් මොස්තර නිරූපණ ශිල්පියකු  සමගින් වසර කිහිපයක් තිස්සේ ඇය පෙමින් වෙළී සිටින බව අතර ඇය හා විවාහ වනුයේ ඔහු බවද සදහන් වේ.

සුස්මිතා සෙන් මේ වන විට පසුවන්නේ 44 හැවිරිදි වියේ වන අතර, ඇයගේ පෙම්වතා ඇයට වඩා වසර 15 කට වඩා බාල තැනැත්තෙකු බවත් සදහන් වේ.පසුගියදා ඇයගේ උපන්දිනය පැවතිදා රේමන් සහ සුෂ්මිතා හදා වඩා ගන්නා දියණියන් දෙදෙනා ඇයව පුදුමයට පත් කර ඇතැයි ද සදහන්වේ.

කාලයක් සල්මාන් ඛාන්ගේ පෙම්වතියක්වද සිටි ඇය විශ්ව රැජිණ කිරූළ දිනාගෙනද තිබේ.

සුස්මිතා පවසන්නේ මේ වසරේදී තමා හා රේමන් අතර පවතින්නේ ආධ්‍යාත්මික බැදීමක් බවත් ,මෙම සම්බන්ධය බොහෝ දුරට විවාහයකට පෙරළෙන ලකුණු පවතින බවය.

(තිළිණි ද සිල්වා )
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.

RECOMMEND POSTS