සුරූපිනී දීපිකා පදුකෝන්ට කොවිඩ්



බොලිවුඩ් සුරූපිනි දීපිකා පදුකෝන් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

35 හැවිරිදි දීපිකා පදුකෝන් පමණක් නොව, ඇගේ පියා, මව සහ නැගණිය ද වයිරසය ආසාදන් වී ඇතැයි පැවැසෙයි.

වයිරස ආසාදිතයකු බව තහවුරු වෙද්දී, දීපිකා සිට ඇත්තේ බැංගලෝර් නුවර ඇගේ පවුලේ අය සමගය.

දීපිකා සහ සැමියා රන්වීර් සිං මුම්බායි සිට බෙංගලෝර් නුවර දීපිකාගේ පවුලේ නිවසට පැමිණ ඇත්තේ මීට දින කීපයකට පෙර මුම්බායි නුවර පිහිටි මහාරාෂ්ට්‍රය ලොක්ඩවුන් කිරීමට සූදානම් වෙද්දීය.

ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වන ප්‍රාන්තයක් ලෙස මහාරාෂ්ට්‍රය සැලකෙයි. මුම්බායි ඉන්දියාවේ වෙළෙඳ අගනුවරය.

දීපිකා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු දීපිකාගේ පවුලේ සෙසු සාමාජිකයන් සහ ඇය සමීපව ඇසුරු කළ සියලු දෙනා ද පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

දීපිකාගේ සැමියා ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිං ද පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කළ බවත්, එම පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බවත් වාර්තා වේ.

 

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)


RECOMMEND POSTS