සුපිරි මංගල දැක්මක්



මුළු ලොවම පුල පුලා බලා සිටින, ‘ඩීසී’ චිත්‍රකතා වීරයන්ගේ එකමුතුව ‘ජස්ටිස් ලීග්’ ක්‍රියාදාම චිත්‍රපටය ලබන 17 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතය.

චිත්‍රපටයේ මංගල දර්ශනය කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහාලේ තිරගත විය.

එම අවස්ථාවට චිත්‍රපටයේ නළු නිළි කැළ ජේසන් මොමෝආ, හෙන්රි කැවිල්, එස්රා මිලර්, ගැල් ගැඩොට්, රේ ෆිෂර් සහ බෙන් ඇෆ්ලික් සහභාගී වූහ.

‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටය, 2016 වසරේ තිරගත වුණු ‘බැට්මෑන් වර්සස් සුපර්මෑන්’ චිත්‍රපටය සමඟ බැඳෙයි. සුපර්මෑන්ගේ මරණයෙන් පසු, ‘ඇපොකලිප්ස්’ නමැති වෙනත් ලොවෙන්, ‘ස්ටෙපන් වුල්ෆ්’ නමැති නපුරා පෘථිවිය ආක්‍රමණයට පැමිණෙයි. සුපර්මෑන් නැති අඩුව පුරවමින්, ‘ස්ටෙපන් වුල්ෆ්’ පරාජය කිරීමට, බැට්මෑන්, වොන්ඩර් වුමන්, සයිබෝග්, ෆ්ලෑෂ් සහ අක්වා මෑන් එකමුතු වීම, ජස්ටිස් ලීග් චිත්‍රපටයේ කතාව වෙයි.

බැට්මෑන් සහ බෲස් වේන් ලෙස බෙන් ඇෆ්ලික් සහ ඩයනා ප්‍රින්ස් හෙවත් වොල්ඩර් වුමන් ලෙස ගැල් ගැඩොට්, අක්වා මෑන් ලෙස ජේසන් මොමෝආ, සයිබෝර්ග් ලෙස රේ ෆිෂර් මෙන්ම, වේගවත් බැරී ඇලන් හෙවත් ෆ්ලෑෂ් ලෙස එස්රා මිලර් ද රංගනයෙන් දායක වෙති. සුපර්මෑන්ගේ චරිතය නිරූපණය කරන්නේ හෙන්රි කවිල්ය. ජස්ටිස් ලීග් චිත්‍රපටය සැක් ස්නයිඩර්ගේ අධ්‍යක්ෂණයකි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS