සුපිරි තරු දියණියෝ



බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා සහ ඇගේ හොඳම යෙහෙළිය ෂාන්යාගේ ඡායාරූප මේ වනවිට සමාජ ජාල ඔස්සේ අතිශය ජනප්‍රිය වෙමින් තිබේ.

ෂාන්යා යනු තවත් බොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන සන්ජේ කපූර්ගේ දියණියයි. දියණියන්ගේ සමීප මිතුදම හේතුවෙන් ෂාරුක් පවුලත් සන්ජේ කපූර් පවුලත් අතර ද සමීප මිතුදම් පවතින බව බොලිවුඞ් පුවත් සේවා වාර්තා කරයි.

ෂාරුක් ඛාන් මෙන්ම සන්ජේ කපූර් ද ට්විටර් ගිණුම් ඔස්සේ පවසා ඇත්තේ ‘අපේ දියණියෝ දැන් ලොකු ළමයි. අපි දවසින් දවස මහළු වෙනවා’ කියාය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS