සීක්‍රට් සුපර් ස්ටාර් අමීර්



බොලිවුඩ් ජනප්‍රිය නළු අමීර් ඛාන් සිය නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

තම සිහිනකරා යෑමට සහය නොදක්වන පියාට හොර රහසේ තම සිහිනවලට කරා රහසිගතව ගමන් පාසල් සිසුවියක් වටා සීක්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටයේ කතාව නිර්මාණය වී තිබෙනවා.

සීක්‍රට් සුපර්ස්ටාර් ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ අඩ්විත් චන්දන් විසිනි.මෙම චිත්‍රපටයයේ ප්‍රධාන චරිත සඳහා සයිරා වසීම් , කිරන් රාඕ සහ අමීර් ඛාන් පණපොවනවා.

අද්විත් චන්දන් විසින් පිටපතට නගා ඇති සීක්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරන්නේ  අමීර් ඛාන් සහ ඔහුගේ බිරිඳ විසිනි.

ප්‍රේක්ෂකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ ඩංගල් චිත්‍රපටයයෙන් අනතුරුව අමීර් විසින් විසින් නිෂ්පාදනය කළ සීක්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටය වාර්තා බිඳ දමමින් තිරගතවේයැයි විචාරකයන් මත පලකරනවා.

ලබන  ඔක්තෝබර් 19වනදා ඉන්දියාවේදී ප්‍රදර්ශනය ආරම්භ වන සීක්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය අමිත් ත්‍රි‍වේදී විසින් සිදුකර ඇති බවයි වාර්තා වේ.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි.


RECOMMEND POSTS