සාරියක් බොලිවුඩය කළඹයි



ලොව වඩාත් සරාගික සාරියක් නිසා මේ දිනවල බොලිවුඩයම කැළඹී තිබේ.

මෙලෙස දුටු දුටුවන් පිනවන සරාගි සාරියේ හිමිකාරිත්වය හිමි වන්නේ බොලිවුඩ් හි ජනප්‍රියම සුපිරි තාරකාව වන දීපිකා පදුකෝන්ටය.

ඉන්දියාවේ සුප්‍රකට ඇදුම් නිර්මාණ ශිල්පියෙකු වන සබ්යසාචි විසින් නිර්මාණය කළ මෙම කළු පැහැති දිලිසෙන සාරිය දීපිකා සිරැරේ හැඩය සහ අග පසග කැපී පෙනෙන ලෙසින් නිමවා තිබිණි...

ඇය මෙලෙස හැඩ වූයේ ලබන දෙසැම්බර් සිට තිරගත වන පද්මාවතී චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක කටයුතු සදහා සහභාගී වූ අවස්ථාවකදීය.සං⁣ජේ ලීලා බන්සාලි ගේ නවතම චිත්‍රපටය වන මෙහි දීපිකා සමගින් ෂහීඩ් කපූර් සහ රන්වීර් සිං රංගනයෙන් දායක වේ.දැනට බොලිවුඩ්හි වැඩිම මුදලක් අය කර දීපිකා මෙහි රංගන සදහා ඉන්දියානු රැපියල් කෝටි 11 අය කර තීබීමද විශේත්වයකි.

(තිළිණි ද සිල්වා )
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි


RECOMMEND POSTS