සාරා අලී ඛාන්ට දොස්



බොලිවුඩයේ ජනප්‍රිය නළු සයිෆ් අලී ඛාන්ගේ පළමු කසාදයේ දියණිය සාරා අලී ඛාන්, ‘කෙදර්නාත්’ සහ ‘සිම්බා’ වැනි චිත්‍රපට හරහාත්, කරන් ජොහාර්ගේ ‘කොෆී විත් කරන්’ සාකච්ඡාමය වැඩසටහන හරහාත් ලොව පුරා අතිශය ජනප්‍රිය වූ බොලිවුඞ් නවක තරුවයි.

ෆිල්ම් ෆෙයාර් සගරාවේ නවතම කලාපය හැඬ ගැන්වෙන්නේ සාරා අලී ඛාන්ගෙනි. ඇය අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් සමඟ පෙනී සිටිමින් ගත් ඡායාරූප රැසක් ෆිල්ම්ෆෙයාර් සඟරාවට ඇතුළත් වෙයි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සාරා අලී ඛාන් අප්‍රසාදයට ලක් වී සිටී. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ එම ඡායාරූප සංස්කෘතික වශයෙන් සුදුසු නැති බවය.

‘සාරා කියන්නේ උගත් යුවතියක්. ඇය කැනඩා විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත් තැනැත්තියක්. ගෝත්‍රික වැසියන් සමඟ ඔවුන්ට මේ විදියට ඡායාරූප ගනිමින්, එම ගෝත්‍රිකයන් හෑල්ලුවට ලක් කිරීම කිසිසේත් උචිත නැහැ.’ යැයි සාරා ට විරෝධය දක්වමින් පළ කළ එක් ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS