සාරා අලී ඛාන් නිවාඩුවකට ලංකාවේ



‘කෙදර්නාත්’, ‘සිම්බා’ චිත්‍රපට හරහා ජනප්‍රිය වූ සාරා අලී ඛාන්, සිය කාර්ය බහුල රංගන ජීවිතයට කෙටි විරාමයක් තබමින්, යහළු යෙහෙළියන් පිරිසක් ද සමඟ මෙරටට පැමිණ සිටින්නීය.

සාරා අලී ඛාන් යනු සයිෆ් අලී ඛාන්ගේ පළමු කසාදයේ දියණියයි. සාරාගේ මව අමිරිතා සිංග් ය. සාරා රංගනයට පිවිසියේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසුවය. ‘කෙදර්නාත්’ ඇගේ පළමු බොලිවුඞ් චිත්‍රපටයයි.

ඇය රංගනයෙන් එක් වුණු, රන්වීර් සිං ප්‍රධාන චරිත නිරූපණය කළ ‘සිම්බා’ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීය.

සාරා බොලිවුඞ් සුරූපිනියක රිදී තිරයේ පමණක් නොව, සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් ව සිටින්නීය.

‘ශ්‍රී ලංකාවට ආ යුවතිය’ යනුවෙන් ඇය සැහැල්ලුවෙන් විනෝදෙන් සිටින අයුරු දැක්වෙන ඡායරූප පෙළක් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ලක්ෂ 6 කට වැඩි සාරාගේ රසික රසිකාවියන්ගේ ආදරය එම ඡායාරූපවලට ලැබී ඇතැයි ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි.

එන්.ඩී.ටීවී. ඇසුරිනි


RECOMMEND POSTS