ස්ටීවන් සීගල්ට රුසියානු පුරවැසිභාවය



රුසියානු ජනාධිපති වැඩිමීර් පුටින් විසින් චිත්‍රපට නළුවකු වන සිටීවන් සීගල් වෙත රුසියානු පුරවැසිභාවය පිරිනමා ඇත. 

64 වන වියේ පසුවන සීගල් පසුගිය වසර කීපයේදී රුසියාවට නිතර පැමිණි අයෙකු වන අතර පුමින් සමග සටන් කලාවන් සම්බන්ධ උත්සව කීපයකට හා පුටින්ගේ ප්‍රතිපත්ති ආරක්ෂාකිරීම සදහා  මොහු විසින් දායකවී ඇත.

පුටින්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන දිමිත්‍රී පැස්කෝ කියා සිටියේ ඔහු විසින් සැහෙන කාලයක සිට සිය රටේ පුරවැසිකම ඉල්ලා සිටිය බවත්, එය ඔහු විසින් එය රහසක් ලෙස තියාගත්තේ නැති බවත්, ඔහු ලෝක ප්‍රසිද්ධ නළුවකු යන කාරණාවන් නිසා ඔහුට පුරවැසිභාවය පිරිනැමූ බවයි.

මේ අතර මෙවැනි පුරවැසි භාවයන් පිරිනමා ඇති වෙනත් කීර්තිමත් විදේශිකයන් වන්නේ  ප්‍රංශ ජාතික නළුවකු වන ජෙයරාජ් ඩෙපාඩියි සහ  ඇමරිකානු බොක්සින් ක්‍රීඩකයකු වන රෝයි ජෝන්ස්ටය. 


RECOMMEND POSTS