ස්ටීවන් සීගල්ට අලුත් මෙහෙයුමක්



රුසියාව සහ අමෙරිකාව අතර සබදතා ශක්තිමත් කිරීම සදහා විශේෂ නියෝජිතයෙකු ලෙස රුසියාව විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මිතුරකු ද වන ඇමෙරිකන් ජාතික අයිකිඩෝ සටන් නළු ස්ටීවන් සීගල් පත් කර තිබේ.

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙය නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 2016 වසරේ දී රුසියානු පුරවැසිභාවය ලබාගෙන ඇති ස්ටීවන් සීගල් රුසියානු ජනාධිපතිවරයා ලොව විශිෂ්ට රාජ්‍ය නායකයෙකු ලෙස හඳුන්වා දී තිබිණි.

ස්ටීවන් සීගල් අයිකිඩෝ සටන් නළුවකු සේම රුසියානු ජනාධිපති පුටින් දක්ෂ ජූඩෝ මල්ලව පොර සටන් කරුවෙකි.

66 හැවිරිදි සීගල්චිත්‍රපට නළුවෙකු, නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිර පිටපත් රචකයෙකු ලෙස ද ප්‍රචලිතව සිටියි.

( තිළිණි ද සිල්වා )

ගාඩියන් ඇසුරෙනි


RECOMMEND POSTS