සල්මන්ගේ ආදරේ මැරිලා



බොලිවුඩයේ සුපිරි තරුවක් මේ දවස් වල ඉන්නේ දුකින්. ඒ, සුපිරි තරුව කිං ඛාන් කෙනෙක්. ඒ කියන්නේ සල්මන් ඛාන්.එයා මේ දවස්වල ඉන්නේ හරිම දුකෙන්.මොකද සල්මන් ගේ ආදරේ නැති වුන නිසා.

දැන් ඔයාලා පුදුම වෙන්න එපා මෙචච්ර ලෝකයක් පුරා ඉන්න බොලිවුඩ් රසිකයින් ආදරේ කරන කොට සල්මන්ට නැති වුන ආදරය මොකක්ද කියලා. ඇත්තටම කිව්වොතින් මේ ආදරේ සල්මන්ට හරිම වටිනවා..ඒ ආදරේට සල්මන් කියන්නේ “ මයි ලව්ලි “ කියලා....සල්මන්ගේ මේ ‘මයි ලව්ලි ‘ ගේ ආදරය අහිමිවීම ගැන මුලින්ම කියන්නේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ....මම වැඩිපුර ආදරය කළ මගේ ලස්සන ආදරය අද මාව දාලා ගිහින් , එයාගේ ආත්මයට දෙවි පිහිට ලැබේවා... “My most beautiful my love gone today. God bless her soul.”  යනුවෙන් එහි සදහන් වෙලා තිබුණා.

සල්මන් ගේ මේ ආදරී වෙන කවුරුවත් නෙමේ ආදරණීය බලු සුරතලයි........බැල්ලක වූ මේ බලු සුරතලාට සල්මන් ආදරේට දැම්ම නම වුනේ ‘‘ මයි ලව්ලි “ කියන නම....මේ බලු සුරතලත් එකක්ම සල්මන්ට සේන්ට් ,මව්ග්ලි සහ වීර් යන තවත් බලු සුරතලුන් තුන් දෙනෙක් හිටියත් සල්මන් වැඩිපුරම ආදරේ ‘‘මයි ලව්ලි ‘‘ ටයි.

බලු සුරතලා හදිසියේ මිය යන්න වුන හේතුවක් සල්මන් සදහන් කර නොතිබුණත් බොලිවුඩයේ ඉන්නා සල්මන් ගේ වර්තමාන පෙම්වතිය වන ලුලියා වැන්තූර් , සෝනාක්ෂී සිංහා ත් මේ සල්මන් ගේ ආදරී මිය යාම ගැන ගොඩක් දුක් වෙනවා කියලා බොලිවුඩ් ආරංචි මාර්ග වල සදහන් වේ.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS