සල්මන් ගීත ගායනයට !



සල්මාන් ඛාන් බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු වශයෙන්ද ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.ඒ ඔහු විසින් මීට පෙර නිකුත් කරන ලද “Jag Ghoomeya” සහ “Main Hu Hero Tera” නම් ගීත තුලින්.

බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් ලෙස ඔහු මෙවර Sanjay Manjrekar විසින් අධ්‍යක්ෂණය කරන ලද “FU - Fun Unlimited” නම් චිත්‍රපටයේ ගීතයකටයි මෙලෙස  ගායනයෙන් දායක වී ඇත්තේ.

අධ්‍යක්ෂක Manjrekar සඳහන් කරන්නේ සල්මන් ගයන එම චිත්‍රපට ගීතය “Rubic's Cube” ලෙස නම් කර තිබෙන මරාති ගීතයක් බවයි.ලබන ජුනි මස තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය සිනමාවේ සංගීතමය රසවින්දනය පිලිබඳව කතාවක් ඇතුලත් බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ සල්මාන්ගේ මෙතෙක් ගැයූ ගීත අතර මෙය අතිශය වෙනස් ගීතයක් වනු ඇති බවයි.

 

( තිළිණි ද සිල්වා )
බොලිවුඩ් හන්ගාමා ඇසුරෙනි.....


RECOMMEND POSTS