සමාජ ජාල වෙබ් අඩවි නිසා ශ්‍රද්ධාට යහපතක් වෙලාලු



සමාජ ජාල වෙබ් අඩවි හොඳට නරකට දෙකටම කියලා කතාවක් තියෙනවා නේ. ඒ විදියට සමාජ ජාලා වේබ් අඩවිය නිසා තමන්ට යහපතක් වුණ බව පිළිගන්න කෙනෙක් ගැන බොලිවුඩ් වලින් වාර්තා වෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ,ශ්‍රද්ධා කපූර්.....

සමාජ වෙබ් අඩවි නවකයන්ට තම දක්ෂතා පෙන්වන්න හොඳ අවස්ථාවන් ලබා දෙන බව ශ්‍රද්ධා කපූර්ගේ අදහසයි. විනෝද වෙන්නම විතරක් නෙවෙයි තම නිර්මාණ මේ හරහා එළි දැක්වීමෙන් කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නත් ලැබීම ‍ඉතාම වටිනා දෙයක් ‍විදියට ඇය පෙන්වා දෙනවා. ඇය පවසන්නේ ජංගම දුරකථනයකින් පවා අද බොහො දේ කළ හැකි බවයි.

ශ්‍රද්ධාත් බොලිවුඩයට පිවිසිලා දැන් වසර හයක පමණ කාලයක් ගත වෙලා. මේ කාලය පුරාවට සමාජ වෙබ් අඩවි හරහා ලද ජනප්‍රියත්වය ගැන ඇය සිටින්නේ ගොඩක් සතුටින්. “ට්විටර් හරහා මට කෙටි පණිවුඩ එවනවාට මං ගොඩක් කැමැතියි” ශ්‍රද්ධා පවසනවා.

ඇය බොලිවුඩයට පිවිසියේ 2010 වසරේ Teen Patti  චිත්‍රපටයෙන්. පසුව Aashique 2  චිත්‍රපටය සමඟින් ඉහළ ජනප්‍රියත්වයක් ලද ඇය Ek Villain, Haider, ABCD2,Baaghi වැනි චිත්‍රපටවලට දායක වුණා. ඇයගේ රංගනය සමඟින් Rock On 2 චිත්‍රපටය පසුගිය නොවැමබර් 11 වැනිදා තිරගත වීම ඇරඹුණා. ලබන වසරේදී Ok Jaanu, Half Girlfriend, Haseena: The Queen of Mumbai චිත්‍රපටවලින් ශ්‍රද්ධාගේ රංගනයන් දැක ගන්න පුළුවන් වේවි.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි...


RECOMMEND POSTS