සනී ලියොන් මවිත කළ උපන් දින තෑග්ග



බොලිවුඞ් සරාගිනී සනී ලියොන්ගේ 38 වැනි උපන් දිනය යෙදී තිබුණේ පසුගිය මැයි 13 වැනිදාටය.

නිළියක පමණක් නොව, සනී ලියොන් දක්ෂ වැඩසටහන් මෙහෙයවන්නියක ද වෙයි.

වසර ගණනක තිස්සේ ඉන්දියාවේ එම්ටීවී නාළිකාවේ අතිශය ජනප්‍රිය රියැලටි වැඩසටහනක් වන ‘ස්ප්ලිට්විලා’ මෙහෙයවීම් කරන්නේ ඇයයි.

වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා මෙන්ම නළුවකු ද වන රන්විජේ සිංහා වැඩසටහන මැද සනී ලියොන් පුදුම කරවමින් උපන් දින සාදයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

සනී ලියොන් පමණක් නොව, වැඩසටහන නැරැඹූ සැවොම පවා පුදුම කිරීමට උපන් දින සාදයට හැකිවුණැයි වාර්තා වේ.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS