සංජේ දත් වුණු රන්බීර් කපූර් !



තමන් ජීවතුන් අතර සිටියදී තමාගේම ජීවිත කතාව චිත්‍රපටයකින් දැක ගන්න ලැබීමට රංගන ශිල්පියෙකුට හැකිවන්නේ ඉතාම කලාතුරකිනි.මන්ද බහුතරයක් රංගනවේදීන් ගේ චරිතාපදානයන් චිත්‍රපටයක් මෙන්ම ගලා නෙයන නිසා.හැබැයි බොලිවුඩයේ ප්‍රවීන රංගන ශිල්පියෙක් වන සංජේ දත් නම්  ඒ අතින් හරිම වාසනාවන්තයි.

සංජේ දත් ගේ  සිනමා ජීවිතයේ මෙන්ම ,සෑබැ ජීවිතයේ කාරණා ඇතුලත් සැකසුණ නවතම චිත්‍රපටයක් මේ දිනවල බොලිවුඩයේ රෑගත වෙමින් තිබෙනවා. සුප්‍රසිද්ධ බොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙකු වන රාජ් කුමාර් හිරානි ගේ නිර්මාණයක් වන සංජේ දත් චරිතාපදාන චිත්‍රපටයේ සංජේ දත් ලෙසින් රංගනයේ යෙදෙන්නේ වර්තමානයේ බොලිවුඩ සිහින තරුවක් වන රන්බීර් කපූර් විසිනුයි.සංජේ ගේ චරිතය නිරූපණය කිරීමට අතිදක්ෂ වන්නේ රන්බීර් යැයි එම චිත්‍රපයේ අධ්‍යක්ෂකවරයා කියා සීටී.මේ චිත්‍රපටය මේ වසර තුළඳීම ප්‍රදර්ශනය කිරීමට චිත්‍රපට නිෂ්පාදකයින් සූදානම් වන බවද සඳහන් වේ.

බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ නළු නිළි දෙපළක් වන සුනිල් දත් සහ නර්ගීස් දත් ගේ කුළුදුල් පුත්‍රායා ලෙසින් අවුරුදු 16 දී රොකී හින්දි චිත්‍රපටය හරහා බොලිවුඩ් නළුවකු වන සංජේ දත්  සිය ජීවිතයේ පනස්වැනි ජීවන කඩ ඉමත් පසු කරන්නේ විවිධ බාධා ,හැලහැප්පීම් ,අර්බුද රැසක් මැද ගෙවුණ ජීවතයක් සමඟිනුයි.

ප්‍රවීන නිළියක වන සිය මවගේ මරණයෙන් පසුව කැරලිකාර පුතෙකු ලෙසින් බොලිවුඩයේ  තැන හිමිකර ගන්නා සංජේ දත් වරෙක් විවිධ නිළියන් සමඟ ඇති කර ගත් පෙම් සබඳතා ,ත්‍රස්තවදීන සමඟ ඇති කර ගත් හිතවත්කම් හා ඔවුන් ආධාර අනුබල දීම නිසා සිරභාරයට පත් වීම්.අසාර්ථක විවාහයන් ආදී එකී මෙකී නොකී සිද්ධීන් රැසක් මේ චිත්‍රපටයේ ඇතළත්වීමත් ,ඒ සියල්ලටම සංජේ දත් අනුමැතිය දීමත් විශේෂත්වයකි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන රාජ් කුමාර් හිරානි සංජ් දත් ගේ හොඳම මිතුරෙකි වීම ඊට හේතුවයි.

( තිළිණි ද සිල්වා)

ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි.

 

 


RECOMMEND POSTS