ෂාහිද් කපූර් පවුලට අලුත් සාමාජිකයෙක්



ජනප්‍රිය බොලිවුඞ් නළු ෂාහිද් කපූර් දෙවැනිවරටත් පියකු වූ බව බොලිවුඞ් පුවත් සේවා වාර්තා කරයි.

ෂාහිද් කපූර්ගේ බිරිඳ වන්නේ මීරා රාජ්පුත්ය. මීරා මෙවර පුතකු බිහි කළ බව වාර්තා වේ. යුවලට මීෂා නමින් දියණියක ද සිටී.

මුම්බායි හින්දුජා රෝහලේ දී දරු ප්‍රසූතිය සිදුවිය. ෂාහිද් දියණිව මීෂා ද කැටුව අලුත උපන් පුතා හමුවීමට ගිය අවස්ථාව පමණක් නොව, ඉන්පසු අලුත් බිලිඳා කැටුව ෂාහිද්, මීරා සහ මීෂා රෝහලෙන් පිටවී යන දසුන් පවා බොලිවුඞ් පුවත් සේවා ප්‍රසිද්ධියට පත් කර තිබේ.

අලුත් පුතුට සයීන් කපූර් ලෙස නම් තබනවා යැයි ෂාහිද් කපූර් පවසා ඇති බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS