ෂාරුක් සිහිනය සැබෑ ගත් ඉන්දුනීසියා යුවතිය



බොලිවුඩයේ සුපිරි තරුව සොයා සැතපුම් දස දහස් ගණනක දුරු කතරක් ගෙවමින් පැමිණ, එම තරුව මුණ ගැසුණු අපූරු රසිකාවියක් ගැන බොලිවුඩයෙන් වාර්තාවේ.

මේ අපූරු රසිකාවිය ඉන්දුනීසියා ජාතික තරුණයක් වන මුටියාරා අල්ටා හර්ලිටා යි.ඇය මෙලෙස දුරු කතර ගෙවමින් හමුවූයේ බොලිවුඩයේ කිං ඛාන් වූ ,සුපිරි තරුව වන ෂාරුක් ඛාන් ය.

ඇය ගේ මේ ගමන් ඉන්දීය මාධ්‍ය හඳුන්වා දී තිබුනේ මිෂන් එස්.ආර්.කේ නමිනි.මේ ඉන්දුනීසියා ජාතික තරුණිය මුලින්ම ෂාරුක් ගේ රසිකාවියක් වූයේ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල සේවය ඔස්සේය.පසුකාලීනව ෂාරුක් උන්මාදයෙන් පෙළෙන ඇය මුම්බායි නුවර පිහිටි ෂාරුක් ඛාන් ගේ මන්නත් නිවසට පැමිණෙන්නේ කෙසේ හෝ තමා ගේ සිහින තාරකාව වූ ෂාරුක් ඛාන් මුණ ගැසීමටය.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි.


RECOMMEND POSTS