ෂාරුක් මැරුණැයි බොරුවක්



ලොව වසඟ කළ සුපිරි තරුව ගැන කනගාටුදායක පුවතක්  ‘එල් පයිස්’ නමැති යුරෝපා පුවත් ජාලය විසින් වාර්තා කිරීමත් සමඟ මහත් කැළඹීමක් හටගත්තා.

මාධ්‍ය පළකර තිබුනේ ඔහු මියගොස් ඇති බවටයි. එහි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ පැරිස් ගුවන් අනතුරකට ලක්වීමෙන් සුපිරි නළු ශාරුක් මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත් පසුව මෙම ප්‍රචාරය අසත්‍ය ප්‍රචාරයක් බවට පසුව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පැරිස් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්ද එවැනි අනතුරක් සිදු නොවුණු බවට සනාථ කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම අසත්‍ය සිදුවීම වාර්තා කළ පුද්ගලයන් විසින් අදාළ අනතුරට ලක්වූ බව පැවසූ ගුවන් යානයේ සේවා සපයන සමාගම සමඟ එහි තොරතුරු රැසක් වාර්තා කිරීමත් මෙලෙස මෙම පුවත ඉකමනින් බොහෝ පිරිසක් විශ්වාස කිරීමට හේතුවී තිබෙනවා.

අදාළ පුවත ප්‍රථමයෙන් ප්‍රංශයේ වෙබ් අඩවියක වාර්තාවීමත් සමඟ ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කර ඇති බවටයි මේ වනවිට හෙළිවී ඇත්තේ.මේ අතර ඇතැම් මාධ්‍ය ඊයේ දිනයේ ශාරුක් ඛාන් රූගත කිරීම් සිදුකෙරෙන ස්ථානයකදී අනතුරකට ලක්වූ බවටද වාර්තා කර තිබෙනවා.

සුපිරි නළු නිළියන්, දේශපාලනඥයන්, ප්‍රකට ව්‍යාපාරිකයන් ආදී ප්‍රබලයන් මියගියේ යැයි පවසමින් කලබල ඇති කිරීම‘එල් පයිස්’ නමැති යුරෝපා පුවත් ජාලය විසින් මීට පෙර ද සිදු කරනු ලැබ ඇත.

ඉන්දියාවේ මුම්බායි පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන කීපයක ප්‍රධානීන් ද මෙම පුවත ගැන කලබල වී ෂාරුක් සහ ඔහුගේ කණ්ඩායම අමතා ඇත. එම අවස්ථාවේදී ඔවුන්ට දැනගන්න ලැබී ඇත්තේ ෂාරුක් මුම්බායිහි රූගත කිරීමක නියැළෙමින් සිටින බවය.

තිළිණි ද සිල්වා
ෆිල්ම්ෆෙයාර් ඇසුරිනි


RECOMMEND POSTS