ෂාරුක් පවුලයි බච්චන් පවුලයි



ෂාරුක් ඛාන් සහ ඔහුගේ පවුලේ අයත්, අභිෂේක් භච්චන් සහ ඔහුගේ පවුලේ අයත් එකිනෙකා හමුවුණු අවස්ථාවක් ගැන පසුගිය දා බොලිවුඩ් පුවත් සේවා වාර්තා කළේය.

ෂාරුක්ගේ අවුරුදු 4 ක් වයසැති පොඩි පුතු අබ්රාම් සහ අභිෂේක් සහ අයිස්වර්යාගේ දියණිය අවුරුදු 6 ක් වයසැති දියණිය ආරාධ්‍යා ද ඉගෙනුම ලබන්නේ ඩිරුබ්බායි අම්බානී ජාත්‍යන්තර පාසලේය.

පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගිය දා පාසලේ දී පැවැත්වුණු අතර ෂාරුක්, බිරිය වැඩිමල් පුතු සහ දියණිය සමග පැමිණ සිටියේය. අමිතාබ් භච්චන් හැර භච්චන් පවුලේ සැවොම ද විවිධ ප්‍රසංගය නැරුඹීමට පැමිණ සිටියහ.

මීට අමතරව, තවත් බොලිවුඩ් සුපිරි තරුවක් වන රිතික් රෝෂාන් සිය දික්කසාද වුණු බිරිය සහ දරුවන් ද සමග පැමිණ සිටි බව ද වාර්තා විය. රිතික් රෝෂාන්ගේ දරුවන් ද අධ්‍යාපනය ලබන්නේ මෙම පාසලේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS