ෂාරුක් නාද්දි සබන් ගාන්නේ නැතිලු



තමන් පැය දෙකකට ආසන්න කාලයක් නාන්න පුරුදුවුණු අයකු බවත් තමන් සබන් හෝ ෂැම්පූ හෝ භාවිතා නොකරන බවත් බොලිවුඞ් රජු ෂාරුක් ඛාන් පවසයි.
ෂාරුක්ගේ මීළඟ සිනමා පටය වන්නේ ‘ඩියර් සින්දගී’ ය. එහි ඔහු රංගනයෙන් එක්වන්නේ බොලිවුඩයේ සිටින සුරූපී යොවුන් නිළි අලීයා බාත් සමඟය.
තමා නාද්දී සබන් හෝ ෂැම්පූ හෝ භාවිතා නොකරන බව ෂාරුක් පැවැසුවේ මෙම නව චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනකට එක් වෙමිනි.
‘ඇත්ත. මං පැය දෙකක් තිස්සේ නානවා. ෂූටින් ඉවර වුණාම රගපාන චරිතය හේදිලා යන්න පැය දෙකක් තිස්සේ එක දිගට නානවා. එහෙමයි මං රඟපාන චරිතය මගේ ගතින් සහ සිතින් ඉවත් කරගන්නේ. හැබැයි නාද්දි මං ෂැම්පූ ගාන්නේ නැහැ. සබන් ගාන්නේ නැහැ. නිකම්ම නානවා’ ෂාරුක් මෙසේ කියද්දී, අලීයා බාත් පුදුමයට පත්වුණු බව ද වාර්තා වේ.
‘ඔයා සබන් ගන්නේ නෑ ?’ අලීයා එම අවස්ථාවේදී විමතියෙන් විමසුවාය. එවිට සිනහ සෙමින් ෂාරුක් කියා සිටියේ ‘ඔව්, මං සබන් ගාන්නේ නැහැ තමා’ කියාය. ෂාරුක්ගේ මෙම ප්‍රකාශය මේ වනවිට සමාජ ජාල වෙබ් අඩඩවි ඔස්සේ ද ප්‍රසිද්ධියට පත්වී අවසන්ය.


RECOMMEND POSTS