ෂාරුක් ට සුබ උපන් දිනයක්



සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් ඊයේ අද සිය 52 වැනි ජන්ම දිනය සමරයි.

සුපුරුදු පරිදි උදෑසන සිටම මුම්බායි නුවර ෂාරුක්ගේ නිවස ඉදිරිපිට ඔහුගේ රසික රසිකාවියන් රැස් කන්න වූයේ ෂාරුක්ට සුබ  පැතීමටය.

මහ පිරිසක් පැමිණ සිටි නිසා ඔවුන් පාලනය කිරීමට පොලිසිය යෙදවීමට ද සිදුවුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

ෂාරුක් නිවසේ තාප්පය සහ යකඩ වැටට ඉහළින් පිරිසට අත වනමින් ආචාර කිරීමට අමතක නොකළේය.

ෂාරුක්ගේ 52 වැනි උපන්දිනය වෙනුවෙන් බොලිවුඞ් තරු ඔහු වෙනුවෙන් විශේෂ උපන්දින සාදයක් ද සංවිධානය කර තිබුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS