ෂාරුක් ඉගෙන ගත් පාඩම



බොලිවුඩ් සුපිරි තරු ෂාරුක් ඛාන් මේ දවස්වල ෆිල්ම් එකක් නොකලත්  TED Talks දෙවන කොටස සමග තරමක් කාර්‍ය බහුලව ඉන්නේ.අයුශ්මන් කුරානගේ බිරිද  Tahira Kashyap මෑතක මේ වැඩසටහනට සහභාගී වුණා.

ඇයගේ කතාව අහලා ශාරුක් ඒ පිලිබදව ඉතාම ප්‍රශංසනාත්මක මුඛයෙන් අදහස් ප්‍රකාශ කලා. ඇය කලක් පියයුරු පිලිකාවකින් පෙලුණා. දැන් ඉන් සුවය ලබා සිටිනවා. ඇය ඒ ගැන සහ  ඇයගේ ජීවිතේ අමාරු දවස් ගැන අපූරු කතාවක් කලා.

ඇය පැවසූ පරිදී ඇය මෙහෙම ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමට හේතුව පිලිකාව පෙර සිට හදුනා ගැනීම පිලිබදව ජනතාව දැනුවත් කිරීමටයි, කිසිවකු එහි පූර්ව ලක්ශන නොසලකා හැරිය යුතු නැහැ .මම මේ හදන්නේ කෙනෙක් බය කරන්න නෙවෙයි .ඔයාලව ධෛර්‍යවත් කරන්නයි.

ඒ තුලින් අපට ඉන්දියාවේ වගේම ලෝකෙත් මේ රෝගය නිසා මියයන අනුපාතය අඩු කරන්න පුලුවන්. මේ පණිවිඩය ජනතාවට දෙන්න අවස්ථාව  දුන්නට ෂාරුක් ඇතුළු ටෙඩ් ටෝක් වැඩසටහනටත් අවසානයේ ඇය ස්තූති කරන්න අමතක කලේ නැහැ..

මේ කතාව අවසානයේ ඇයව ඉහලින් අගය කල ශාරුක් මෙසේ පැවසුවා."ජීවිතේ ඔයාට යම් දෙයක් නිසා කරදර වෙනවනම් යමක් ඔයාට බාදා කරනවනම් ,ඒක හිනාවෙලා අමතක කරන්න යන්න එපා, විසදුමක් හොයන්න , එහෙම වුනොත් තත්වේ තවත් නරක වෙන එකයි වෙන්නේ"

ඕක මට කියලා දුන්නේ මගේ තාත්තා.. ඒත් ,මගේ තාත්තා මියගියේ කැන්සර් එකකින්

මව මිය ගියේත් එහෙමයි,මගේ අක්කත් දැන් කැන්සර් එකකින් පීඩා විදිනවා... බලං ගියාම මගේ ලග කැන්සර් හෝල් සේල් එකක් ,ඒ  සම්බන්ද සම්පූර්ණ දෙපාර්තමේන්තුවක්ම තියනවා           (සිනාසෙමින්)

"මම සාමාන්‍යයෙන් මගේ ප්‍රශ්න ගැටලු ලෝකෙට පෙන්නන්න කැමති කෙනෙක් නෙවෙයි.

නමුත් තහිරාගේ කතාවෙන් මම වටින දෙයක් ඉගන ගත්තා. අපේ සමහර ප්‍රශ්න ලෝකයෙන් හංගන්න උත්සහ කරනවට වඩා ලෝකය එක්ක බෙදා ගැනීමෙන් හොද ප්‍රතිපල ලැබෙන්න පුලුවන්.

ඉතිං පවුලේ වුනත් ප්‍රශ්නයක් ආවම පවුලේ අය එකට එකතුවෙලා ඒ ප්‍රශ්නේ කතාබහ කරලා විසද ගන්න උත්සහ කරන්න "

ශාරුක් එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS