ශාරුක්ට 51යි



සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ 51 වැනි උපන් දිනය අදට (02) යෙදී තිබිණි.

තම සුපිරි වීරයාගේ උපන්දිනයට සුභපැතුම් එකතු කරන්නට ඊයේ රාත්‍රියේ සිට ඔහුගේ රසිකයන් අති විශාල ප්‍රමාණයක් මුම්බායි හි පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටට පැමිණ සිටියා.එම අවස්ථාවේ තම ඉහළ මාලයේ සිට ශාරුක් තම රසිකයන් සමඟ සතුට හුවමාරු කරගැනීමට අමතක කළේ නැහැ.

සිය ජීවිතයේ පනස් එක්වැනි කඩ ඉම පසුකළ ශාරුක්  ගැන පසුගිය සති අන්තයේ අමුතුම ආකාරයේ ප්‍රවෘත්තියක් පළ වූවා.ඒ ශරුක් ඛාන් වයස් ගත වී ඇති බව හුවා දක්වමින් ඔහුගේ හිස කෙස් සුදු වී ඇති ආකාරය සහ තට්ටය පෙනෙන ලෙස ලබා ගත් ඡායාරූපයක් අන්තර්ජාලය පුරා පැතිර යාමත් සමගයි.

නමුත් එම ඡායාරූපය වෙළඳ දැන්වීමක් රූගත කිරීමක් අතර තුර ලබා ගත් ඒවා බව වාර්තා වනවා. එම වෙළඳ දැන්වීමට අනුව ශාරුක් වයස අවුරුදු 75 ක කෙනෙකුගේ චරිතයකට පන පෙවීම විශේෂත්වයකි.

 


RECOMMEND POSTS