ශ්‍රී දේවිගේ දියණිය



බොලිවුඩය හඬවා අවසන් ගමන් ගිය ශ්‍රීදේවිගේ කතාවට නැවතත් පණ ලැබී තිබෙනවා. ඒ ඇයගේ දියණිය සිදුකළ ක්‍රියාවක් නිසා.

ශ්‍රී දේවිගේ වැඩිමල් දියණිය වන Janhavi Kapoor පසුගියදා උපන්දිනය සමරා තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සුපිරි නිළියගේ මරණයෙන් පසුව ඇයගේ පවුලේ අය සතුටින් පසුවන ආකාරය ගැන මෙම උපන්දින සාදයෙන් මනාවට පෙන්වන බවයි.

Janhavi Kapoor උපන්දින සැමරුමට ඇයගේ යෙහෙළියන් මෙන්ම පවුලේ ඥාතීන්ද එක්වී තිබුණා.ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවයෙන් පසුව පවුලේ සියලු දෙනා එක්වූ අවස්ථාව මෙය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ ගැන සමාජමාධ්‍ය හරහා දැඩි විවේචනයට ලක්ව තිබුණා. ශ්‍රීදේවිගේ මරණය ඝාතනයක් බවටත් සමහරුන් චෝදනා එල්ලකළා. කෙසේ වෙතත් ඇයගේ දියණියගේ මේ උපන්දින සැමරුම ගැන සමහරු කියලා තිබුණේ මරණයක් සිදුවුණා කියලා සෑම දිනකම දුකින් නොසිටිය යුතු බවයි

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS