ශ්‍රද්ධා කපූර්ට ඩෙංගු



සුරූපී නිළි ශ්‍රද්ධා කපූර්ට ඩෙංගු වැළැඳී ඇතැයි බොලිවුඞ් පුරයෙන් වාර්තා වේ.

රෝගී වී, රෝහල් ගත කරන අවස්ථාවේදී ශ්‍රද්ධා කපූර්, ඉන්දීය බැට්මින්ටන් ක්‍රීඩිකා සානියා නෙවාල්ගේ චරිතය ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටයේ සානියා ලෙස රංගන කටයුතුවල නියැලෙමින් සිටියාය.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අමෝල් ගුප්තෙ විසිනි. ඔහු පවසා ඇත්තේ ශ්‍රද්ධාට සම්පූර්ණ සුවය ලැබෙන තුරු රූගත කිරීම්වලට ඇය සහභාගී කර නොගත්තා බවය. කෙසේ නමුත් ශ්‍රද්ධා නොමැතිව චිත්‍රපටයේ සෙසු කොටස් රූගත කිරීම් කරන බව ද හෙතෙම පවසා ඇත.

රෝහල් ගත කෙරුණු 31 හැවිරිදි ශ්‍රද්ධාගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

රෝහලේ සිට රසික රසිකාවියන් වෙත ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රද්ධා පවසා ඇත්තේ තමන් හොඳින් සිටින බවය.

(එන්.ඩී.ටීවි.)


RECOMMEND POSTS