ශ්‍රද්ධා කපූර් ‘හසීනා’ වෙලා



‘ආෂිකී’ සිනමා පටයෙන් රසික හදවත් දිනූ බොලිවුඞ් සුරූපිනී ශ්‍රද්ධා කපූර්ගේ නවතම සිනමාපටය ‘හසීනා’ ය.

‘හසීනා’ චිත්‍රපටය තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතව ඇති අතර ශ්‍රද්ධා මේ දිනවල ඉන්දියාව පුරා යන්නේ චිත්‍රපටය ජනප්‍රිය කිරීමේ අරමුණින්ය.

පසුගිය දා ඇය බෝපාල් සහ මුම්බායි නුවර පැවැති ප්‍රසංග දෙකකට සහභාගී වූ අතර ඉන්පසු නවදිල්ලි නුවරට පැමිණියාය. ඒ, දිල්ලි අයි.ටී.එස්. උසස් පාසලේ පැවැති උත්සවයකට සහභාගීවීම සඳහාය.

හසීනා සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටයකි. චිත්‍රපටයේ කතාවට පාදක වන්නේ ඉන්දියාවේ ‘මැර රැජින’ යන නමින් ප්‍රසිද්ධියට පත් හසීනා පාර්කාර්ය.

හසීනා ලෙස ශ්‍රද්ධා කපූර්ගේ රංගනය මේ වනවිටත් චිත්‍රපට විචාරකයන්ගේ පැසැසුමට හේතු වී ඇතැයි ද පැවැසෙයි.

(ඉන්දියා එක්ස්ප්‍රෙස් ඇසුරිනි)

 


RECOMMEND POSTS