වේගයෙන් රිය පැදවීමට හපන් ජෙසී කෝම්බ්ස් මියයයි



අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරමින් වාර්තා පිහිටුවූ තැනැත්තියක ලෙස ප්‍රසිද්ධියට පත් ඇමෙරිකන් ජාතික ජෙසී කෝම්බ්ස් හදිසි අනතුරකින් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

39 හැවිරිදි කෝම්බ්ස් ජෙට් ඇන්ජිමකින් යුත් මෝටර් රථයක් පදවමින් නව ලෝක වාර්තාවක් තැබීමට උත්සාහ ගත් අවස්ථාවේදී සිදුවුණු අනතුරකින් මියගිය බව ඇමෙරිකන් පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කරයි.

කෝම්ස්, රිය පැදවීමට දක්ෂ තැනැත්තියක පමණක් නොව, රූපවාහිනී වාර්තා වැඩසටහන් ඉදිරිපත් කළ නිවේදකවරියක් ද වූ බව විදෙස් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

රොයිටර්ස්


RECOMMEND POSTS