වීරයන් දෙදෙනකුගේ ගැටුම: ‘වෝර්’



ප්‍රභාස් සහ ශ්‍රද්ධා කපූර්ගේ ‘සාහෝ’ චිත්‍රපටයෙන් පසු බොලිවුඩයේ දිගහැරෙන නවතම චිත්‍රපටය වනු ඇත්තේ ‘වෝර්’ය.

බොලිවුඞ් ක්‍රියාදාම චිත්‍රපට අතරින් ‘වෝර්’ චිත්‍රපටය කැපී පෙනෙන්නේ, එහි ප්‍රධාන චරිත සඳහා පොවන්නේ රිතික් රෝෂාන් සහ ටයිගර් ෂෙරොෆ් නිසාය.

චිත්‍රපටයේ කතාව අනුව රිතික් රෝෂාන් සහ ටයිගර් ෂෙරොෆ් ඉන්දීය බුද්ධි අංශ රහස් ඒජන්තවරුන් දෙදෙනකි. ටයිගර් ෂෙරොෆ්, රිතික් රොෂාන්ගේ ගෝලයාය.

කෙසේ නමුත් ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී ඉන්දීය ආරක්ෂාව වෙනුවෙන් මොවුන් දෙදෙනාට එකිනෙකා සමඟ සටන් වැදීමට සිදුවෙයි.

‘වෝර්’ සිද්ධාර්ත් ආනන්ද්ගේ අධ්‍යක්ෂණයකි. සාමාන්‍ය බොලිවුඞ් ක්‍රියාදාමයක දකින්න නොලැබෙන ආකාරයේ ඇඟ කිළිපොළා යන ක්‍රියාදාම රැසකින් ‘වෝර්’ චිත්‍රපටය හැඩ ගැන්වී ඇති අතර, ප්‍රියතම හොලිවුඞ් නළුවන් දෙදෙනකු එකිනෙකාට එරෙහිව සටන් වැදීම අපූරු අත්දැකීමක් වනු ඇතැයි ඉන්දීය සිනමා විචාරකයෝ පෙන්වා දෙති. 

‘වෝර්’ චිත්‍රපටයේ රිතික් රෝෂාන්ගේ පෙම්වතිය වන්නේ වානී කපූර්ය. නිරූපිකාවක ලෙස බොලිවුඩයට පිවිසි වානී කපූර් ‘බෙෆික්රේ’ හරහාය. ‘වෝර්’ චිත්‍රපටය ලබන සැප්තැම්බර් දෙවැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.

(එන්.ඩී.ටීවී. ඇසුරිනි)


RECOMMEND POSTS